Saturday, May 4, 2024

General line - 0115112241

යූරියා පොහොර බෙදා හැරීම ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්




දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාවලට හිගයකින් තොරව යූරියා පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ලංකා පෙහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා පවසනවා.

ඔහු සදහන් කළේ පසුගිය සතියේ සිට මේ දක්වා දිවයිනපුරා ඇති ගොවිජන මධ්‍යස්ථානවලට යූරියා පොහොර මෙට්්‍රක් ටොන් 5,100 ක් බෙදා හැර ඇති බවයි. එමෙන්ම අද දිනයේ තුළ තවත් යුරියා මෙට්්‍රක් ටොන් දහසක් බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

ඒ අතරින් යූරියා මෙට්්‍රක් ටොන් 200 ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු යොදා ඇති බවත් පසුගිය සතියේ සිට මේ දක්වා යූරියා මෙට්්‍රක් ටොන් 500 ක් පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙත බෙදා හැර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙනවා.