Sunday, May 5, 2024

General line - 0115112241

විකාශණ අධිකාරී පනත් කෙටුම්පතට අදත් මැතිසබයේ සංවාද




මෙරට මාධ්‍ය මර්දනය කිරීම සඳහා ජනාධිපතිවරයාට මෙන්ම ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විකාශණ අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂය නැගූ ප්‍රශ්ණවලට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී අදහස් පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළේ ජනමාධ්‍ය නියාමනය කිරීමේ ප්‍රතිපත්ති සැකසීම ජන මාධ්‍ය ක්ෂේත්‍රයටම ලබාදෙන ලෙසයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද විකාශණ අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 

එම පනත් කෙටුම්පත සම්මත වුවහොත් වන බලපෑම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් දැක්වූයේ මෙවන් අදහසක්.

 

විපක්ෂයේ මන්ත්‍රීවරුන් එල්ලකළ චෝදනාවලට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

විකාශණ අධිකාරී පනත් කෙටුම්පත සකස් කරන ආකාරය සම්බන්ධයෙන් ද ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළා.