Monday, May 6, 2024

General line - 0115112241

තවත් දකුණු කොරියානු ගුවන් ගමනක් ප්‍රමාදවෙයි

ටී කේ ජී කපිල




ගුවන් ගමන ප්‍රමාදවීම හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණි තරුණයින් පිරිසකට පැය 12 කට පසුව දිවයිනෙන් පිටත්වීමට සිදුවුණා.

ඔවුන් ඊයේ රාත්‍රී 08 යි 50 ට ඉන්චියොන් බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එරටට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරන ගුවන් යානය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් එම ගුවන් ගමන ප්‍රමාද වුණා.

ඒ අනුව එම ගුවන් යානයෙන් රැකියා සඳහා පිටත්ව යාමට සිටි තරුණයන් 60 කට ආසන්න පිරිසක් ඇතුලු මගීන් 181 දෙනා ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ඊයේ රාත්‍රියේ කටයුතු කළා.

කෙසේවෙතත් අදාළ පිරිස අද පෙරවරු 8 යි 30 ට පමණ එම ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉකුත් මාසයේදී ද දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට සිටි තරුණයින් පිරිසක් ද මෙවැනි අත්දැකීමකට මුහුණ දුන්නා.

ඒ, ඔවුන් පිටත්ව යාමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය ප්‍රමාද වීමකට ලක්වීම හේතුවෙන්. මේ හේතුවෙන් අදාළ පිරිසගේ එරට රැකියා ද අවදානමකට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී අද මෙලෙස අදහස් පළ කළා.