Monday, May 6, 2024

General line - 0115112241

ප්‍රංශ නාවික නෞකාවක් කොළඹ වරායට




ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් නිල සංචාරයක් සඳහා අද කොළඹ වරායට සේන්දු වුණා.

එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

දිගින් මීටර් 102 යි දශම 4 යි 0 ක් යුත් එම ප්‍රංශ නාවික නෞකාවෙන් පැමිණි පිරිසට 107 දෙනෙකු ඇතුලත්.

එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල ප්‍රංශ නාවිකයින් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතයි.

එම ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාව ලබන 27 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවද නාවික හමුදාව සඳහන් කළා.