Sunday, May 5, 2024

General line - 0115112241

නටාෂා එසිරිසූරිය යළි රිමාන්ඩ්




බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහස වන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණී නටාෂා එදිරිසූරිය අද යළි රක්ෂිත බන්ධනාගාරගත කළා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකාරිය ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එමෙන්ම ඇයගේ ප්‍රකාශය යූ ටියුබ් නාළිකාවකින් ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බෲනෝ දිවාකර අද ඇප මත මුදාහැරියා.