Sunday, May 5, 2024

General line - 0115112241

සමන්තුරේදී වන්ඳනා බස් රථයක් පෙරලීමෙන් 09 දෙනෙකුට තුවාල




අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අතර වයස අවුරුදු 06 ක ළමයෙකු ද සිටින බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 06 දෙනෙකු සමන්තුරේ රෝහලට ඇතුලත් කෙරුණා.

ඉන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගිය බවයි පොලීසිය පැවසුවේ.

කතරගම වන්ඳනාවේ ගොස් යළිත් මඩකලපුව බලා ගමන් ගත් වන්ඳනාකරුවන් රැගත් බස් රථයක් මෙලෙස පෙරලී අනතුරට පත්ව තිබෙනවා.

රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.