Sunday, May 5, 2024

General line - 0115112241

උද්ධමනය තවත් පහළට




මැයි මාසයේ මෙරට උද්ධමනය සියයට 22 යි දශම 1 ක් දක්වා පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය  ප්‍රකාශයට පත්කරමින් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයයේදී මෙරට උද්ධමනය සියයට 33 යි දශම 6 ක් ලෙස පැවති බවයි.

අප්‍රේල් මාසයයේදී සියයට 27 යි දශම 1 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද මැයි මාසයේදී සියයට 15 යි දශම 8 ක් දක්වා පහත වැටී තිබෙනවා.

අප්‍රේල් මාසයේදී සියයට 39 ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද මැයි මාසයේදී සියයට 27 යි දශම 6 ක් ලෙස පහත වැටී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.