Monday, May 6, 2024

General line - 0115112241

වෙඩි තැබීම් වැඩිවීමෙන් රටේ ආර්ථිකයටත් බලපෑම්




ගිනිඅවි භාවිතයෙන් සිදුවන මනුෂ්‍ය ඝාතන ඉහළ යාම මෙරට ආර්ථිකයට ද බලපෑම් එල්ලකරන බව අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව භාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රියන්ත ජයකොඩි පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විදේශිකයන් මෙරට ආයෝජන කිරීමේදී රටේ ආර්ථිකය පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන බවයි. 2022 වර්ෂයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාවට වැඩි ප්‍රමාණයක් මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති බවද ඔහු සඳහන් කළා. 

මෙවැනි වෙඩි තැබීම් හමුවේ සමාජයේ ඇති සුරක්ෂිතභාවය බිඳ වැටෙන බවයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වාදුන්නේ.

විශාල වශයෙන් සමාජය තුළ ගිනිඅවි සංසරණය ඉහළ ගොස් ඇති බවත්, නාගරික සමාජයේ භාවිත වන ස්වයංක්‍රීය ආයුධ නිරායුධ කිරීමට අදාළ අංශ කටයුතු කළ යුතු බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

පෙරේදා රාත්‍රියේ මෙන්ම ඊයේ දිනයේද ප්‍රදේශ කිහිපයකින් වෙඩි තැබීම් 04 ක් වාර්තා වුණා.