Saturday, May 4, 2024

General line - 0115112241

31 දෙනෙකුට මරු කැඳවමින් චීන අවන්හල් පිපිරීමේ හේතුව හෙළි වෙයි




වයඹ දිග චීනයේ යින්චුවාන් නගරයේ අවන්හලක පිපිරීමකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට රාජ්‍ය වාර්තා කළේ බාබකියු අවන්හලක ක්‍රියාකාරිත්වය අතරතුර ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් කාන්දුවකින් පිපිරීම සිදුව ඇත්තේ.

පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් හත් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව සඳහන්.

ඒ අතර පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයින් හා පිපිරීමෙන් විසිරී ගිය වීදුරු වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් ද වනවා.

අවන්හලෙන් දුමාරය පිටවන අයුරු සහ ගිනි නිවන භටයින් බොහෝ පිරිසක් එක්ව සිටින අයුරු ද චීන මාධ්‍ය වාර්තා කළා.