Monday, May 6, 2024

General line - 0115112241

ටයිටැනික් බැලීමට ගොස් මියගිය 19 හැවිරිදි තරුණයාගේ මවගෙන් පළමු වරට අනාවරණයක්




ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් විනාශයට පත් වූ සබ්මැරීනයේ සිටි 19 හැවිරිදි සුලෙයිමාන් ඩාවුට් තරුණයාගේ මව එම සිදුවීමෙන් පසු පළමු වරට මධ්‍ය හමුවේ අදහස් පළ කර තිබෙනවා.

ඇය පවසා ඇත්තේ සිය ස්වාමි පුරුෂයා සහ පුත්‍රයා ටයිටැනික් නැරඹීමේ චාරිකාවක නිරතවීමට සැලසුම් කර තිබුණේ මීට පෙර බවයි.

එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් එම ගමන කල් ගිය බවයි ඇය මාධ්‍ය වෙත අනාවරණ කර ඇත්තේ.

ටයිටැනික් නෞකාව නැරඹීමේ ගමට සිය පුත්‍රයා රූබික් ක්‍රීඩාවට යොදා ගන්නා කැටයක් රැගෙන ගිය බවත් එලෙස රැගෙන ගියේ රූබික් ක්‍රීඩාවෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් බවත් ඇය පවසා තිබෙනවා.

එම ගිනස් වාර්තාව පිහිටුවීමට ලියාපදිංචි වී සිටි බවත් එම වාර්තාව පිහිටුවන ආකාරය පටිගත කිරීමට සිය සැමියා කැමරාවක්ද රැගෙන ගිය බවත් ඇය මාධ්‍ය හමුවේ අනාවරණ කර තිබෙනවා.