Monday, May 6, 2024

General line - 0115112241

OceanGate යළිත් ටයිටැනික් බලන්න යන්න කතා කරයි.




ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිරිසක් රැගෙන ගිය ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වී මේවනවිට දින 10 ක් පමණ ගතවී තිබෙනවා.

අත්ලන්තිල් සාගර පතුලේ පවතින ටයිටැනික් නෞකාවට මදක් ආසන්නයේදී පුපුරා ගිය එම සබ්මැරීනයේ සුන්බුන් ගොඩගැනුනේ ද ඊයේ දිනයේදීයි.

ඒ සමග මිනිස් සිරුරුවල අවශේෂ කොටස් ද හමුවී ඇති බවයි අමෙරිකාවේ වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ.

එවන් පසුබිමක් තුල ටයිටන් සබ්මැරීනය මෙහෙයවූ OceanGate සමාගම තවමත් ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිරිස් රැගෙන යන සංචාර සිය වෙබ් අඩවියේ ප්‍රචාරණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම වාර්තා පවසන්නේ එම සමාගම ලබන වසරේ ජුනි 12 සිට ජූනි 20 දක්වා සහ ජුනි 21 සිට ජුනි 29 දක්වා ඩොලර් 250,000 ක මිලකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත සංචාර දෙකක් සැලසුම් කර ඇති බවයි.

එම සංචාරයේදී කිමිදුම්, පුද්ගලික නවාතැන්, අවශ්‍ය සියලුම පුහුණු කිරීම්, ගවේෂණ උපකරණ සහ යාත්‍රාවේ සිටින විට සියලුම ආහාරපාන සඳහා වැයවන පිරිවැය ආවරණය වන පරිදි සංචාරය සඳහා දැරිය යුතු වියදම ද ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

ඒ අනුව සංචාරකයෙකු විසින් ඒ සඳහා දැරිය යුතු පිරිවැය අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 50,000 ක්.