Saturday, July 27, 2024

General line - 0115112241

කෘත්‍රිම බුද්ධිය හදාරමින් සිටියදී කැනඩාවේදී මියගිය ශ්‍රී ලාංකික තරුණගේ දේහය දිවයිනට රැගෙන එයි 




කැනඩාවේ දී මියගිය විනෝජ් යසිංග ජයසුන්දරගේ නම් ශ්‍රී ලාංකික තරුණගේ දේහය අද සවස 3.30ට කටුනායක ගුවන්තොටුපලින් මෙරටට රැගෙන ආවා.

කෘත්‍රිම බුද්ධිය කේන්ද්‍ර කරගනිමින් පරිගණක ඉංජිනේරු විශේෂ උපාධිය හදාරා ඇති ඔහු  අමෙරිකාවේ මේරිලෑන්ඩ් සරසවියේ ආචාර්ය උපාධියද  හදාරමින් සිට තිබෙනවා.

 මියගිය විනෝජ් යසිංග ජයසුන්දර නම් තරුණයා සිය ආචාර්ය උපාධියට අදාළ පර්යේෂණ නිබන්ධනයක් භාර දීමට අමෙරිකාවේ සිට කැනඩාවේ වැන්කුවර් නගරයට පසුගිය මස 22 වැනිදා ගොස් තිබු අතර එහිදී මත්ද්‍රව්‍ය බාවිත කල රියදුරෙකුගේ අපරික්ෂා කාරී රිය ධාවනය හේතුවෙන් සිදුවූ අනතුරකින්  එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වුනේ.

මියගිය  විනෝජ් යසිංග  මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධියත්, තොරතුරු තාක්ෂණ උපාධියත් හදාරා  එංගලන්තයේ සරසවියකින් නීතිවේදී උපාධියද ලබාගෙන තිබෙනවා.

මියයන විට ඔහු  අමෙරිකාවේ කැලිෆෝනියා හි පිහිටි ඇපල් සමාගමේ ප්‍රධාන ශාඛාවේ සේවය කරමින් සිට තිබෙන බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් ඔහුගේ පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ මෙවැනි විශේෂ හැකියා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විදෙස් රටවලදී මෙලෙස මිය යාම සැකසහිත බවයි.

කැනඩාවේ දී මියගොස් අද සවස මෙරටට රැගෙන ආව නෝජ් යසිංග ජයසුන්දරගේ දේහය මේවන විට නිවසේ තැම්පත් කර තිබෙනවා.