Monday, May 20, 2024

General line - 0115112241

ගොඩනැගෙමින් පවතින නව සංස්කෘතියක් ගැන ජවිපෙ නායකයා කියයි




අක‍්‍රමිකතා සිදුවූ බව කියන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කෝප් කමිටුව කළ අනාවරණයට රජය ප‍්‍රතිචාර දැක්වීම කල් මරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

කෝප් වාර්තාවට අනුව රක්නා ලංකා ආයතනය එයාර් ලංකා ලංකා පුත්‍ර බැංකුවල මහ බැංකුවේ විදෙස් මිලදී ගැනීම් හා හෙජින් ගිවිසුම නිසා රුපියල් කෝටි 15000ක මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත් හොරකම් කළ දේ ආණ්ඩුව පවරා ගත් පසු හොරුන් නිදහස්වීමේ සංස්කෘතියක් ගොඩනැගෙමින් පවතින බවත් එය දේශපාලන හිතවතුන්ට පමණක් සිදුවන කටයුත්තක් බවත් ජවිපෙ නායකවරයා අනාවරණය කළේය

කෝප් කමිටුව හෙළි කළ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනත් ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කළ යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ ඊයේ (18) මාධ්‍ය අමතමින්.