Saturday, January 11, 2025

General line - 0115112241

විල්පත්තුවේ ගස් සිටුවීම ගැන අතුරු තහනම් නියෝගයක්

උදය කුමාර




විල්පත්තුව ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි ප්‍රදේශයේ වනාන්තර කපා හෙළි කල ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ලබාදී තිබූ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින්.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කපා හෙළි පෙහෙළි කළ ප්‍රදේශ වෙනුවෙන් වෙනත් ස්ථානයක ගස් සිටුවීමට පියවර ගන්නා ලෙසත් ඊට අදාළ වියදම් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නා ලෙසත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.