Saturday, January 11, 2025

General line - 0115112241

පාසිකුඩා මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට




පාසිකුඩා මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. කල්කුඩා පොලීසිය පැවසුවේ වයස අවුරුදු 64ක් වූ රුසියන් ජාතිකයෙක් එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. 

ඔහු සිය බිරිඳ සමග රැඳී සිටි හෝටලය පිටුපස වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැළකට හසුව තිබෙනවා.

එම අවස්ථාවේ හෝටලේ සේවකයන් දෙදෙනෙකු විසින් එම විදේශිකයා ගොඩට ගෙන වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.