Saturday, July 27, 2024

General line - 0115112241

මුසම්මිල් අදත් අල්ලස් කොමිසමට!




ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද පැමිණියා.

එ් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අලෙවි අධීක්ෂණ නිලධාරීන් බඳවා ගැනීමේ සිදුවූ බව කියන අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂවරයෙකු සිටි සමයේ මෙම බඳවා ගැනීම් සිදුකර ඇති බවටයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.