Friday, May 17, 2024

General line - 0115112241

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලයි




පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි සැපයුම සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි එම මණ්ඩලය පවසන්නේ. මේවනවිට දෛනිකව වැඩිම විදුලි ඉල්ලුමක් පවතින්නේ පස්වරු 06 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළයි. එබැවින් එම කාලය තුළ අත්‍යාවශ්‍යම කටයුතු සඳහා පමණක් විදුලිය භාවිත කරන්නේ නම් බාධා අවම කර ගනිමින් විදුලි සැපයුම ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයිද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.