Saturday, May 4, 2024

General line - 0115112241

දේශගුණික විපර්යාස නිසා කැනඩාවේ ලැව්ගිනි - හිමාලයේ හිම දියවෙයි




දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන අනතුරු පිළිබද මේ දිනවල රටවල් රැසකින් වාර්තා වනවා. නවතම සිදුවීම වාර්තා වන්නේ කැනඩාවෙන්. කැනඩාවේ උතුරුදිග ප්‍රෙද්ශයේ ලැව්ගිනි තත්ත්වයක් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 20,000 කට බලපෑම් එල්ලවී ඇතැයි සදහන්. ප්‍රදේශ අතහැර පළායන ජනතාවගෙන් ගුවන් තොටුපළ සහ නගර පිරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


මේ අතර අයිස් දියවීම හේතුවෙන් හිමාල කන්ද ද දැඩි අවදානමක පවතින බව නවතම අධ්‍යනයක් අනාවරණ කර තිබෙනවා. එම වාර්තාව මගින් දක්වා ඇත්තේ අයිස් දියවීම හේතුවෙන් නායයෑම් සහ හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවයි. මේ හේතුවෙන් ඉන්දියාවට මෙන්ම නේපාලය සහ පාකිස්තානයට ද බලපෑම් එල්ලවිය හැකි බවටයි අනාවරණය කර ඇත්තේ. අතීතයේ වැඩි වශයෙන් හිම පතිතවූ හිමාලය ඇතුලු බොහෝ කදු ආශ්‍රිත ප්‍රදේශවලට අධික වර්සාපතනයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.