Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දියාව නිසා සදේ දුර්ලබ ඡායාරූප පෙළක් පෘථිවියට




සද මතුපිට දුර්ලබ ඡායාරූප කිහිපයක් පෘථිවියට ලැබී තිබෙනවා. ඒ, ඉන්දියාව විසින් කක්ෂ ගත කළ චන්ද්‍රයාන් ත්‍රී අභ්‍යාවකාශ මෙහෙයුම අතරතුරයි. එම යානය මගින් මේවනවිට පෘතුවියට එවා ඇත්තේ සද මතුපිට ගල් සහ  ආවාට පෙන්නුම් කරන ඡායාරූප කිහිපයක්.

 
ඉන්දියාව මෙම අභ්‍යාවකාශ මෙහෙයුම සිදු කරන්නේ සදෙහි දකුණු ධ්‍රැවයට යානයක් ගොඩ බැස්සූ පළමු රට බවට පත් වීමේ අරමුණින්. මේවනවිට අභ්‍යාවකාශ යානය සදෙහි දකුණු ධ්‍රැවයට ඉතා ආසන්නයේ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලබන බදාදා යානය සද මතු පිටට ගොඩ බැසීමට නියමිතයි.


ලබන සතිය වන විට ඉන්දියාවේ මෙන්ම රුසියාව මගින් අභ්‍යාවකාශ ගත කළ යානයද සදෙහි දකුණු  ධ්‍රැවයට ගොඩ බැසිමට නියමිතයි.  ඒ අනුවල දකුණු ධ්‍රැවයට පළමුව ගොඩ බසින්නේ ඉන්දියාවද නොඑසේ නම් රුසියාවදැයි මේවනවිට ලෝකයම බලා සිටිනවා.

විදෙස් මාධ්‍ය අනුමාන කරන්නේ ඉන්දීය යානයට දිනකට පෙර රුසියානු යානය දකුණු ධ්‍රැවයට ගොඩ බසිනු ඇති බවටයි.