Sunday, May 5, 2024

General line - 0115112241

දේශගුණ විපර්යාස දරුණු වෙයි - ඇන්ටාටිකාවේ පෙන්ගුයින් පැටවුන් දස දහසක් මරුට




අධික උණුසුම් කාලගුණය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ජනජීවිතයට මේ වනවිට බලපෑම් කරමින් තිබෙනවා. 

එවන් පසුබිමක දේශගුණික විපර්යාසවල බලපෑමෙන් සිදුවූ තවත් කණගාටුදායක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා. 

එහි දැක්වෙන්නේ ඇන්ටාක්ටික් මහද්වීපයේ සිටි පෙන්ගුයින් පැටවුන් දස දහසක් මියගොස් ඇති බවයි. 

ඊට ප්‍රධාන හේතුව වි ඇත්තේ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දිය වී කැඩී යාමයි. 

කුඩා පෙන්ගුයින් පැටවුන්ගේ පිහිටු වර්ධනය වීමට පෙර මෙම සිද්ධිය සිදුව ඇති බවත් පෙන්ගුයින් පැටවුන් දියේ ගිලී මිය යන්නට ඇති බවටත් විද්‍යාඥයින් අනුමාන කරනවා. 

මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වන්නේ චන්ද්‍රිකා මගින් ලබාගත් දත්ත සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂාවකදීයි. 

ඇන්ටාක්ටික් පිළිබද සමීක්‍ෂණයේ නිරත බි්‍රතාන්‍යයේ ආචාර්ය පීටර් ෆ්‍රෙට්වෙල් පවසා ඇත්තේ ඉදිරියේදී සිදුවීමට නියමිත ව්‍යවසනයක පෙර නිමිත්තක් ලෙස මෙය හැදින්විය හැකි බවයි. 

ගෝලීය උණුසුම හේතුවෙන් ඇන්ටාක්ටික් මහද්විපයෙන් අයිස් දියවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඒ අනුව මෙම සියවස අවසන් වනවිට පෙන්ගුයින් ජනපදවලින් සියයට 90කට වඩා වැඩි ප්‍රමාණයක් වඳවී යනු ඇති බවටයි විද්‍යාඥයින් පුරෝකතනය කර ඇත්තේ.