Sunday, May 5, 2024

General line - 0115112241

චන්ද්‍රයාන් 3 ගොඩ බෑ ස්ථානයට ඉන්දියාවෙන් අලුත් නමක්




චන්ද්‍රයාන් 3 සඳ මත ගොඩබැසීම සනිටුහන් කිරීම සඳහා අගෝස්තු 23 වනදා හින්දුස්ථාන් ජාතික අභ්‍යවකාශ දිනය ලෙස නම් කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. 

එමෙන්ම චන්ද්‍රයාන් 3 සඳෙහි ගොඩ බෑ ස්ථානය ද සිව්ශක්ති ලෙස නම් කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. 

ඉන්දීය විද්‍යාඥයන් විසින් චන්ද්‍රයාන් 3 සඳ මත ගොඩබෑම පරීක්ෂා කිරීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය තුළ කෘතිම සඳක් නිර්මාණය කල බව ද ඔහු අනාවරණ කර තිබෙනවා. 

රොබෝ යානය සඳට යාමට පෙර පරීක්ෂණ කිහිපයක් පැවැති බවත් ඒවා සමත් වූ බැවින් චන්ද්‍රයාන් 3 මෙහෙයුම දියත් කළ බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය දකුණු අප්‍රිකානු සහ ග්‍රීසියේ සංචාර නිමා කරමින් ඉන්දියාවට පැමිණීමෙන් පසු බැංගලෝර් වෙත පැමිණ තිබෙනවා. 

එහිදී ඔහු ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥයින් හමුවී ඔවුන්ට සුබ පතා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා එහිදී චන්ද්‍රයාන් 3 සඳ ගවේෂණයට දායක වූ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති එස් සෝමනාත් ප්‍රමුඛ විද්‍යාඥයින් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයට ද එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඉන්දියාව සිය අභිමානය සඳ මත තබා ඇති බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.