Monday, May 6, 2024

General line - 0115112241

සිතියමක් නිසා ඉන්දියාව සහ චීනය අතර අර්බුධයක්




ඉන්දියාව සහ චීනය අතර දේශසීමාව සම්බන්ධයෙන් පවතින අර්බුදය තීව්‍ර වී තිබෙනවා. 

ඒ චීනය විසින් නිකුත් කර ඇති සිතියමක් හේතුවෙන්. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දියාවට අයත් භූමි සීමාවක් ඈඳා ගනිමින් චීනය සිතියමක් නිකුත් කර ඇති බවයි. 

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ අක්සායි චින් සානුව දක්වමින් චීනය නිල “සම්මත සිතියමක්” නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය චීනයට දැඩි විරෝධය පළ කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

ඉන්දියාවේ භූමියට හිමිකම් කියන චීනයේ සම්මත සිතියම සඳහා චීන පාර්ශවය වෙත දැඩි විරෝධය පළ කළ බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දාම් බාචි පවසා ඇත්තේ. 

කිසිදු පදනමක් නොමැති චීනයේ මෙවැනි ක්‍රියා ප්‍රතික්ෂේප කරන බව ද ඔහු සඳහන් කළා. 

චීනයේ එවැනි ක්‍රියාමාර්ග දේශ සීමා ගැටළු සංකීර්ණ කරන බව ද ඉන්දියාව පවසනවා.