Monday, May 6, 2024

General line - 0115112241

වසර 4 කට පසු ලෝකයට සුපිරි නිල් සඳක්




2009 වසරෙන් පසු ප්‍රථම වරට ලෝකයට ඊයේ රාත්‍රියේ සුවිශේෂී දසුනක් දැකගැනීමට හැකි වුණා. 

එය හැඳින්වූයේ “සුපර් බ්ලූ මූන්” හෙවත් “සුපිරි නිල් ස`ඳ” නමින්. නිල් සඳ ලෙස හැඳින්වුවද මෙහිදී සඳෙහි වර්ණය වෙනස් නොවන අතර එලෙස හඳුන්වන්නේ එහි ඇති දුර්ලභ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. 

සුපිරි නිල් සඳක් ලෝකයට දිස්වන්නේ එක් මාසයකට පොහොය දින දෙකක් යෙදී තිබුණහොත් පමණයි. 

එහිදී දෙවන පොහොය දිනයේ දිස්වන සඳ සුපිරි නිල් සඳ නමින් හඳුන්වනවා. එහි විශේෂත්වය වන්නේ වෙනදාට දකින සඳට වඩා මෙහි දීප්තිය සහ විශාලත්වය වැඩිවීමයි. 

චන්ද්‍රයා තම කක්ෂයේ පෘථිවියට ආසන්නව සිටින විට පූර්ණ සඳක් ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය සඳට වඩා මෙම චන්ද්‍රයාගේ විශාලත්වය සියයට 14 කින් වැඩි වනවා. 

එමෙන්ම එහි දීප්තිය ද සියයට 30 කින් පමණ වැඩිවන බවයි පැවසෙන්නේ. පුර පසළොස්වක පොහොය දිනවල සඳෙහි ප්‍රමාණය හා දීප්තිය මාසයකින් මාසයට වෙනස් වන්නේ පෘථිවිය වටා ඇති චන්ද්‍රයාගේ කක්ෂයේ ඉලිප්සාකාර හැඩය හේතුවෙන්.

පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනුයේ වෘත්තාකාර මාර්ගයක නොව ඉලිප්සාකාර මගකයි. 

එහිදී චන්ද්‍රයා පෘථිවියට ලගින්ම ගමන්කරන දිනයක දී පුරහදක් ඇතිවුවහොත් චන්ද්‍රයා සාමාන්‍ය දිනකට වඩා වඩා කිලෝ මීටර් 50,000 ක් පමණ ලංවනවා. 

එබැවින් එය විශාලව හා වඩා දීප්තිමත්ව පෙනීම හේතුවෙන් එයට “සුපර් මූන්” හෙවත්  සුපිරි සද යන නම භාවිතා කරනු ලබනවා.

තාරකා විද්‍යාඥයින් පවසන්නේ අද දින පෙරවරු 7 යි 05 ට පෘථිවියට කිලෝමීටර් තුන් ලක්ෂ 57,344 ක් පමණ දුරකින් චන්ද්‍රයා පෘථිවියට සමීප වන බවයි. 

2025 නොවැම්බර් වනතුරු සඳ නැවතත් මෙතරම් පෘථිවියට සමීප නොවනු ඇති. 

ඊයේ රාත්‍රියේ ලොවටම දිස්වූ සුපිරි චන්ද්‍රයා සමඟ මේ දිනවල ඉතා දීප්තිමත්ව අහසේ දිස්වන සෙනසුරු ග්‍රහයාද ඉතා පැහැදිලිව දැකගත හැකි වුණා.

 අහසේ මෙතරම් චමත්කාර දසුනක් යළි දැකගැනීමට 2037 වසරේ ජනවාරි දක්වා බලාසිටීමට සිටීමට සිදුවනු ඇති.