Monday, May 6, 2024

General line - 0115112241

චීන - ඉන්දීය දේශසීමා අර්බුදය තීව්‍ර වෙයි




චීන ජනාධිපති ෂී ජින්පින් සිය ඉන්දීය සංචාරය මග හරිනු ඇති බවට වාර්තා පළ වනවා. 

මේ බව වාර්තා වන්නේ සිතියමක් පදනම් කර ගනිමින් ඉන්දියාව සහ චීනය අතර පවතින දේශසීමා අර්බුදය තීව්‍ර වී ඇති පසුබිමක් තුළයි. 

චීනය නිකුත් කළ නවතම නිල සිතියමක ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ් සහ තවත් කොටසක් ඇතුළත් කර තිබීම හේතුවෙන් මේ වනවිට දෙරට අතර පවතින්නේ මතභේදාත්මක තත්ත්වයක්.

ලබන මාසයේ නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත ඨ20 සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පින් ඉන්දියාවට පැමිණෙනු ඇති බවටයි මීට පෙර වාර්තා වුණේ. 

කෙසේවෙතත් දෙරටෙහි බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ චීන ජනාධිපතිවරයා බොහෝවිට ඉන්දියාවට නොපැමිණෙනු ඇති බවයි. 

ඒ අනුව චීනය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලී ක්වෑන්ග් ඨ20 සමුළුව සඳහා සහභාගී වනු ඇති බවටයි වාර්තා වන්නේ. 

G20 සමුළුව සැප්තැම්බර් 09 සහ 10 යන දෙදින තුළ නවදිල්ලියේ දී පැවැත්වීමට නියමිතයි.