Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළෙන් ලෝක වාර්තාවක්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින පිටියේ නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, පිට පිට වැඩිම එක්දින ඉනිම් සංඛ්‍යාවකදී ප්‍රතිවාදී කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් දවාගත් කණ්ඩායම බවට පත්වෙමින්. බංග්ලාදේශය සමඟ ඊයේ රාත්‍රියේ පැවති තරඟයේදී ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රතිවාදී සියලු කඬුලු දවාගත්තා. ඒ අනුව ඔවුන් එවැනි දස්කමක් දැක්වූයේ අඛණ්ඩව 11 වන වරටයි.

 

ශ්‍රී ලංකාව මෙලෙස බිඳ හෙලුවේ දකුණු අප්‍රිකාව සහ ඔස්ටේ්‍රලියාව බිහිකර තිබූ ලෝක වාර්තාවක්. එහිදී මෙම කණ්ඩායම් දෙකම පිට පිට එක්දින ඉනිම 10 කදී ප්‍රතිවාදී කණ්ඩායම්වල සියලු ක්‍රීඩකයින් දවාගෙන තිබුණා. ඔස්ටේ්‍රලියාව 2009 - 2010 තරඟ සමයේද, දකුණු අප්‍රිකාව 2013, 2014 තරඟ සමයේ ද මෙම දස්කම දැක්වුවා.


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව ලැබූ එක්දින ක්‍රිකට් ජයග්‍රහණ සංඛ්‍යාව 11 ක්. ශ්‍රී ලංකා කණ්ඩායමක් අඛණ්ඩව ලැබූ වැඩිම එක්දින ක්‍රිකට් ජයග්‍රහණ සංඛ්‍යාව ද මෙයයි. මීට පෙර 2004 වසරේදී    ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් තරඟ 10 ක් අඛණ්ඩව ජයගෙන තිබුණා. අඛණ්ඩව එක්දින ක්‍රිකට් තරඟ 21 ක් ජයගනිමින් වැඩිම තරඟ ජය ලැබූ කණ්ඩායමට හිමි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ඔස්ටේ්‍රලියාවයි.