Sunday, May 5, 2024

General line - 0115112241

චීනයට එරෙහිව ආසියාව නැගිටියි




චීනයට එරෙහිව ආසියානු රටවල් කිහිපයක් මේවනවිට සිය විරෝධය පළ කරමින් සිටිනවා. ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, තායිවානය, මැලේසියාව සහ බෲනායි යන රටවල් ඒ අතරට අයත්. ඔවුන්ගේ මෙම චීන විරෝධයට හේතු වී ඇත්තේ ඉකුත් දා ප්‍රකාශයට පත් කළ මතභේදාත්මක සිතියමයි. 

පිලිපීනය පවසන්නේ දකුණු චීන මුහුදේ මතභේදකාරී දුපත් ඇතුළු එහි සාගර ප්‍රදේශයෙන් සියයට 90ක්ම තමන්ට හිමි බවට දක්වන චීනය මෙම නව සිතියම එළිදක්වා ඇති බවයි. එහෙත්, මත්ස්‍ය සම්පත සහ තෙල් සහ ස්වභාවික වායු ඇතුළු සම්පත් බහුලව ඇති බව කියන මෙම දූපත් සිය මුහුදු සීමාවේ පවතින බව චීනය අවධාරණය කර තිබෙනවා.

වියට්නාමය පවසා ඇත්තේ චීනයේ නව සිතියමක් සකස් කර ඇත්තේ 1947 වසරේ සිතියමක් උපයෝගී කරගෙන බවයි. නව සිතියමට විරෝධය පළ කරන පිලිපීනය, තායිවානය සහ මැලේසියාව පවසන්නේ එය නීති විරෝධී බවයි. මෙම ප්‍රශ්නයට ඉන්දියාව ගෑවී ඇත්තේ ඉන්දියාවේ අරුනාචල් ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක් ද සිය පාලනයේ පවතින බව දක්වමින් චීනය නව සිතියම ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි. 


කෙසේවෙතත් චිනය ඉන්දියාවට දන්වා ඇත්තේ නව සිතියම සම්බන්ධයෙන් වන ගැටලුවේදී සන්සුන්ව සිටින ලෙසයි. චීනයට එරෙහිව නැගී සිටින රටවලට අමෙරිකාව, ජපානය සහ ඔස්ටේ්‍රලියාව සිය සහය පළ කරනවා.