Monday, April 29, 2024

General line - 0115112241

කළු , ගිං , නිල්වලා ගංඟාවල ජල මට්ටම ඉහළට



දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ලැබුණු තරමක ඉහළ වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශ හරහා ගලා බසින ගංගා කිහිපයක ජල මට්ටම් තරමක් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එහි ජල විද්‍යා සහ ආපදා කළමණාකරණ අංශයේ වාරි මාර්ග අධ්‍යක්ෂ, එස් පී සී සුගීෂ්වර පැවසුවේ නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගංඟාවේ අතු ගංඟාවක් වන කුඩා ගඟ සහ අත්තනගලු ඔය යන ගංඟාවල තරමක ඉහළ ජල මට්ටමක පවතින බවයි. 


නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගංඟාවේ අතු ගංඟාවක් වන කුඩා ගඟ සහ අත්තනගලු ඔය යන ගංඟාවල මෙන්ම, දිවයිනේ නිරිත දිග ප්‍රදේශ හරහා ගලා බසින සියලු ගංඟාවන් හා එම අතුගංගා වල ජල ගලනයන් සැලකිය යුතු ලෙස අධික මට්ටමක පැවතින බැවින්, මෙම ගංඟාවන් භාවිතා කිරීම දැඩි සැලකිල්ලෙන් සිදු කළ යුතු බවයි  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමණාකරණ අංශයේ වාරි මාර්ග අධ්‍යක්ෂ, එස් පී සී සුගීෂ්වර එම ප්‍රදේශවල සිටින ජනතාවගෙන් ඉල්ලා සිටියේ. 


පසුගිය දින කිහිපය තුළ ඇති වූ වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13ක, පවුල්, 24ක පුද්ගලයින් 86දෙනෙකු ගස් කඩා වැටීම් සහ තද සුළං තත්ත්වය හේතුවෙන් සුළු ආපදා තත්ත්වයන්ට මුහුණ දී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

එහි අධ්‍යක්ෂ ජනරාල් මෙර්ජර් ජනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ නායයාම් අනතුරු ඇගවීම් වශයෙන් කලුතර, කෑගල්ල, රත්නපුර යන ප්‍රදේශවලට අදියර 2 යටතේත් ඇහැලියගොඩ ප්‍රදේශයට අදියර 3 යටතේත් රතු නිවේදනයක් නිකුත් කර ඇති බවයි.


පවතින වැසි තත්ත්වය හේතුවෙන් ගංඟාවල සහ ජලය පිරී ඇති ස්ථානවල දිය නෑමෙන් සහ විනෝද ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මෙර්ජර් ජනරාල් සුදන්ත රණසිංහ වැඩිදුරටත් පැවසුවේ.