ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව ක්‍රිකට් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරඟය ජය ගැනීමත් සමඟයි.
ඒ අනුව ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වූ එක්දින තරඟ 12ම ජය ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව අඛණ්ඩව වැඩිම එක්දින තරඟ සංඛ්‍යාවක් ජය ගත් අවස්ථාව මෙය ලෙසටයි වාර්තාපොත් අතරට එක්වුණේ.
මීට පෙර එක්දින තරඟ 12ක් අඛණ්ඩව ජය ගෙන ඇත්තේ ඔස්ටේ්රලියාව, දකුණු අප්‍රිකාව හා පකිස්තානය පමණයි.
අඛණ්ඩව එක්දින තරඟ වැඩිම සංඛ්‍යාවක් ජයගත් ලෝක වාර්තාව හිමිවන්නේ ඔස්ටේ‍්‍රලියාවටයි. ඒ, තරඟ 21ක් ජය ගනිමින්.
මේ අතර ආසියානු කුසලානයේ “සුපර් ෆෝ” වටයේ තරඟ කාල සටහන මේ වන විට එලිදක්වා තිබෙනවා.
ඒ අනුව පලමු තරඟය අද පකිස්තානය හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි.
දෙවන තරඟය බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන්නේ සැප්තැම්බර් 09 වනදායි.
ලොවක් බලා සිටින ඉන්දු - පකිස්තාන තරඟය සැප්තැම්බර් 10වනදා පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව ලබන 12වනදාත්, ශ්‍රී ලංකාව හා පකිස්තානය ලබන 14 වනදාත් තරඟ වැදීමට නියමිතයි.
සුපර් ෆෝ වටයේ අවසන් තරඟය ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන්නේ සැප්තැම්බර් 15 වනදායි.