2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ආරම්භ වනවා.
දෙසැම්බර් මස 20 වනදා දක්වා දින 22ක් පුරා විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කර ඇති මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 33,185 ක්. ඔවුන් සඳහා විභාග මධ්‍යස්ථාන 2,312 ක් ස්ථාපිත කර තිබෙනවා.
විභාග ශාලාව වෙත ළමුන්ට රැගෙන යා හැකි ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදුකළා.
විභාග ශාලාව තුළට ජංගම දුරකථන, විද්‍යුත් උපකරණ සහ ස්මාර්ට් ඔරලෝසු වැනි ද්‍රව්‍ය රැගෙන යාමෙන් වලකින ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියේ.
පිළිතුරු ලියා අවසන් කරන ලද පිළිතුරු පත්‍රය නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කර බලා අදාළ විභාග ශාලා නිලධාරින් වෙත භාරදෙන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවා.