ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරඟය පිලිබඳ ලොව පුරා මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ඒ, තරඟයේ ඉලක්කය පිළිබඳ නිවැරදි තොරතුරු ලබානොදුන් බවට පලවන වාර්තා හේතුවෙන්.
තරඟයේ ශ්‍රී ලංකා ඉනිම අවසානයේ ප්‍රකාශ වී තිබුණේ පන්දුවාර 37 යි එක් පන්දුවකදී තරගය ජයගතහොත් ඇෆ්ගනිස්තානයට සුපිරි වටයට පිවිසිය හැකි බවයි.
එහෙත් ඇෆ්ගනිස්තානය, 37 වන පන්දුවාරයේ දෙවන පන්දුවට හතරේ පහරක් හෝ 37 වන පන්දුවාරයේ 3, 4 හෝ 5 වන පන්දුවලට හයේ පහරක් එල්ල කලේ නම්, එනම් ලකුණු 295ක් හෝ 297 ක් හෝ රැස් කලේ නම් ඇෆ්ගනිස්තානයට සුපිරි වටයට පිවිසීමට හැකිව තිබුණා.
එමෙන්ම තරඟය පන්දුවාර 38 යි එක් පන්දුවක් දක්වා ද රැගෙන යාමට ඉඩ පැවතුණා.
එහෙත් ඒ පිළිබඳ ක්‍රීඩා දත්ත පලවුණේ තරඟයේ අවසන් භාගයේයි.
වඩා වැදගත් වන්නේ ඒ පිළිබඳ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ද නොදැන සිටි බව නිල වශයෙන් ප්‍රකාශ වීමයි.
යම් හෙයකින් ඒ පිළිබඳ දැන සිටියා නම් අවසන් පිතිකරු ෆෙරෝකිට එක් ලකුණක් ලබාගෙන අනිත් අන්තයේ සිටි රෂීඩ් ඛාන්ට අවස්ථාව ලැබුණේ නම් ප්‍රතිපලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණා.
ඇෆ්ගනිස්තාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් පසුව ප්‍රකාශ කර තිබුණේ එම ගණනය කිරීම් කිසි විටෙක දැනුම් නොදුන් බවයි.
මේ අතර, ආසියානු කුසලානයේ සුපිරි වටයේ පළමු තරඟය දැන් පැවැත්වෙනවා.
ඒ බංග්ලාදේශය සහ පාකිස්තානය අතරයි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 38 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 193 ක් පමණයි.