Sunday, November 24, 2024

General line - 0115112241

ගංඟා ද්‍රෝණි කිහිපයකට ගං වතුර අවදානම් නිවේදන නිකුත් කරයි - මාර්ග රැසක් ජලයෙන් යටවෙයි




අංගමුව ජලාශයේ හදිසි වාන් දොරටු දෙකක් මේ වනවිට විවෘත කර ඇති බවයි රාජාංගනය ප්‍රාදේශීය වාර්මාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසුවේ.

රාජාංගනය සහ අංගමුව ජලාශයන්හි ජල මට්ටම ස්ථායි මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය බැවින් පවතින වර්ෂාපතන තත්ත්වය හා ඉදිරියේදී ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජංගනය හා අංගමුව ජලාශයන්හි හදිසි වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවිය හැකි බව බවයි රාජාංගනය ප්‍රාදේශීය වාර්මාර්ග ඉංජිනේරු කාර්යාලය පවසනවා. 

එම තත්ත්වය මත කලාඔය පහළ ප්‍රදේශවල ජීවත්වන අය ඒ පිළිබඳ අවදානයෙන් සිටින ලෙසත් එමඟින් ඇතිවිය හැකි ආපදා අවම කර ගන්නා ලෙසත් රාජාංගනය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ.