ආසියානු කුසලාන ක්රිකට් තරඟාවලියේ සුපිරි 4 වටයේ සිය පළමු ජය වාර්තා කිරීමට සත්කාරක පකිස්තානය ඊයේ රාත්රියේ සමත් වුණා.
ඒ, බංග්ලාදේශයට එරෙහිවයි.
තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශයට සියලු දෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 193ක් පමණයි.
එම ඉලක්කය කඩුලු 03ක් පමණක් දැවී පසුකර යාමට පාකිස්තානයට හැකි වුණා.
මෙම තරඟය පැවැත්වුණේ පාකිස්තානයේ වන අතර ආසියානු කුසලානයේ සෙසු සියලු තරඟ ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.
කොළඹ පැවැත්වීමට නියමිත එම තරඟ වර්ෂාව හේතුවෙන් හම්බන්තොටට රැගෙන යන බවට විවිධ වාර්තා පළ වුවද ආසියානු ක්රිකට් කවුන්සලය දැන් තහවුරු කර ඇත්තේ අවසන් මහා තරඟය ඇතුළු සෙසු සියලු තරඟ කොළඹදී පැවැත්වීමටයි.
ඒ අනුව කොළඹ තරඟ ආරම්භය ලබන 09 වනදා සිට සිදුවනු ඇති.