එක්දින ක්‍රිකට් තරග 13ක් අඛණ්ඩව ජය ගත් ලොව දෙවන කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා පිල ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, ආසියානු කුසලානයේ සුපර් ෆෝ වටයේ බංග්ලාදේශය සමග පැවති තරගය ජය ගනිමින්.
මෙම තරඟයට පෙර එක්දින තරග 12ක් අඛණ්ඩව ජය ගනිමින් පකිස්තානය හා දකුණු අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාව සම තත්ත්වයේ පසුවුණා.
එහෙත් ඊයේ රාත්‍රියේ මෙම ජයග්‍රහණය ලැබීමත් සමඟ අඛණ්ඩව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජය ගත් ලොව දෙවන කණ්ඩායම බවට පත්වුණේ ශ්‍රී ලංකාවයි.
තරග 21 ක් අඛණ්ඩව ජය ගෙන එහි ලෝක වාර්තාවට හිමිකම් කීමට ඔස්ටේ්‍රලියාව සමත්ව සිටිනවා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ පැවති ආසියානු කුසලාන සුපර් ෆෝ වටයේ තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය තීරණය කලේ පළමුවෙන් පන්දු රැකීමටයි.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 257ක් රැස් කලා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල සධීර සමරවික්‍රම පන්දු 72කදී ලකුණු 93ක් රැස් කලා.
කුසල් මෙන්ඩිස් ලකුණු 50යි. පැතුම් නිශ්ශංක ලකුණු 40ක් රැස් කලා.
දසුන් ශානක ලකුණු 24යි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල සඳහා බංග්ලාදේශයේ සියලු දෙනා පන්දුවාර 48යි දශම 1ක් තුල ලකුණු 236කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
බංග්ලාදේශය වෙනුවෙන් ටොවුහිඩ් හ්රිඩෝයි ලකුණු 82ක් රැස් කලා.
කලකට පසු පන්දුවෙන් දස්කම් දැක්වූ නායක දසුන් ශානන ලකුණු 28 කට කඩුලු 03ක් බිඳ හෙලුවා.
මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ අතරේද කඩුලු 03 බැගින් බෙදී ගිය අතර දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 10ක් යවමින් ලකුණු 26කට එක් කඩුල්ලක් දවා ගැනීමද කැපී පෙනුනා.
මෙම වාර්තා ගත ජයග්‍රහණය ලැබූ ඊයේ දිනය ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ උපන්දිනය වීමද විශේෂත්වයක්. තරඟයේ වීරයා ලෙස නම් කෙරුණේ සධීර සමරවික්‍රමයි.
මේ අතර ලොවක් බලා සිටින ඉන්දු - පකිස්තාන තරඟය අද පැවැත්වෙනවා.