Monday, November 25, 2024

General line - 0115112241

ඉන්දු - පකිස්තාන තරගයට අදත් වර්ෂාව හරස් වෙයි




ආසියානු කුසලාන තරගාවලයේ සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවන තරගයට අද වර්ෂාවෙන් බාධා එල්ල වුණා. 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. 

ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. 

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන රෝහිත් ශර්මා ලකුණු 56 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස ෆහීම් අශ්රෆ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා. 

ඉන්දීය ලකුණු පුවරුවට තවත් ලකුණු 02 ක් එක් වෙද්දී දෙවන කඩුල්ල ලෙස ෂුබ්මන් ගිල් ලකුණු 58 ක් ලබා සිටියදී දැවී ගියේ ශිහීන් ෂා අෆ්රිඩීගේ පන්දුවක් හමුවේයි.

 අනතුරුව පිටියට පිවිසි විරාත් කෝලි සහ කේ එල් රාහුල් තුන්වන කඩුල්ල වෙනුවෙන් ඉනිමක් ගොඩ නගමින් සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. 

ඒ අනුව අද තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24 යි පන්දු 01 කදී කඩුළු 02 ක් දැවී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 147 ක්. 
 

කෙසේවෙතත් මීට පෙර සැලසුම් කළ පරිදි වර්ෂාව හේතුවෙන් අද තරගය අතහැර දැමීමට සිදුවුවහොත් එම තරගය හෙට දිනයේදී අද තරගය නතර කළ අදියරේ සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා.