පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂිම් නමැත්තාට අයත් වාහනයක් තමන් භාවිත කරන බවට සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ වාහනය පොලිස් විශේෂ කාර්යය බලකායේ වාහන සංචිතය තුළ නඩු භාණ්ඩයක් ලෙස පවතින බවයි.
කෙසේවෙතත් තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තැකීමක් නොකරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර වැඩිදුරටත් කියා සිටියා.