ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා.
ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි.
මෙම තරගයේ ජය පරාජය ආසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තෝරාගැනීමේදී වැදගත් වනු ඇති.
අද තරගයෙන් ඉන්දියාව ජයගත හොත් ඔවුන්ට අවසන් මහා තරඟයට පිවිසිය හැකියි.
අද තරගයෙන් පරාජයට පත්වුවහොත් බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයේ ප්‍රතිපලය මත ඉන්දීය කණ්ඩායමේ ඉරණම තීරණය කෙරෙනවා.
අද තරඟයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් ඔවුන්ට අවසන් තරඟයට පිවිසීමට හැකි වනවා.
එසේ වුවහොත් පකිස්තාන - ශ්‍රී ලංකා තරගයේ ප්‍රතිපලය අතිශය තීරණාත්මක වනු ඇති.
අද තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් ඔවුන්ට අවසන් තරගයට පිවිසීමට නම් පකිස්තානය සමඟ පැවැත්වෙන තරගය ජයගත යුතු වනවා.
අද තරගය ශ්‍රී ලංකාව ජයගෙන පකිස්තාන තරගයෙන් පරාජයට පත්ව බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගයෙන් ඉන්දියාව ජය ගත හොත් අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනීමට සිදුවන්නේ දළ ලකුණු වේගය අනුවයි.
කෙසේ වෙතත් ඉදිරි තරග සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් මෙම ප්‍රතිපලය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇති.
මේ අතර, ඉන්දීය කණ්ඩායම සමඟ අද පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම් පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මෙලෙස අදහස් පළ කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතයේ අද වෙනසක් සිදු කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස්ගෙන් විමසීමක් කළා.