Sunday, May 5, 2024

General line - 0115112241

රුසියාවට පැමිණි උතුරු කොරියානු නායකයාට ඉහළ පිළිගැනීමක්




උතුරු කොරියානු නායක කිම් ජොං අන් රැගත් ඔහුගේ පෞද්ගලික දුම්රිය රුසියානු දේශ සිමාවට ඇතුළු වි ඇතැයි ජපානය අද තහවුරු කළා. 

ඒ අනුව, උතුරු කොරියානු නායකයා වෙනුවෙන් දේශ සීමාව ආසන්නයේදී පිළිගැනීමේ උත්සවයක්ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. 

උතුරු කොරියානු නායක කිම් ජොං අන් මෙලෙස රුසියාවට පැමිණ සිටින්නේ එරට ජනාධිපති ව්ලැදිමීර් පුටිං සමඟ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී විම සඳහායි. 

එම සාකච්ඡා වටය අද පැවැත්වෙනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 ඊට සහභාගී වීම සඳහා උතුරු කොරියානු නායකයා ඊයේ උදෑසන දුම්රියෙන් ගමන් ආරම්භ කළ අතර රුසියානු දේශ සීමාවට ඇතුළු විම සඳහා ඔහුට පැය 20ක කාලයක් ගතව ඇති බවයි වාර්තා වන්නේ. 

රුසියානු සහ උතුරු කොරියානු නායකයින්ගේ මෙම හමුව සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි අවධානය යොමු කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.