Tuesday, April 30, 2024

General line - 0115112241

පොලිසිය ප්‍රභූ ආරක්ෂාවට යද්දී අපරාධකරුවන්ට වුන දේ




පොලිස් නිලධාරීන් අභිබවා අපරාධකරුවන් වර්ථමානයේ නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ජාතික නීති සතිය වැඩසටහනේ සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා පවසනවා. 

එමෙන්ම පොලිස් නිලධාරීන් බහුතරයක් ප්‍රභූ ආරක්ෂාව සඳහා අනියුක්ත කිරීම හේතුවෙන් විවිධ ගැටළු නිර්මාණයවී ඇති බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ. 

අපරාධ මර්දනය කිරීම සඳහා ජනතාව සතුව ද වැඩි වගකීමක් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ කෞෂල්‍ය නවරත්න ද  ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්ව සිටියා.