උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ.
දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මෙලෙස අදහස් පළ කළා.