2016 වසරේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව ලබා සිටි නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා එම නඩුවෙන් මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
හරක් කටා ඇතුළු විත්තිකරු තුන් දෙනකුට එරෙහිව පැවති ලගු නොවන නඩු විභාගයකින් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ.
ඒ අනුව සැකකාර හරක් කටාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා ඔහු මුදා හරින ලෙස නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
මෙම නඩුවේ චෝදනා ලබා සිටි තවත් සැකකරුවකුට එරෙහිව සාක්ෂි පවතින බවත් මහේස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.
නඩුවේ චෝදනා ලබා සිටි තවත් සැකකරුවකු නඩු විභාගය අතරතුර මියගොස් තිබුණා.