තායිලන්තය, ලාඕසය සහ මියන්මාරය යන රටවල ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා 23 දෙනෙකු සහ එම රටවල ගිහි පුද්ගලයින් 20 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
ඒ, ශ්‍රී අමරපුර සංඝ සභාවේ මහ ලේකම් මණ්ඩලයේ අනුශාසකත්වයෙන් සංවිධානය කරන “මෛත්‍රී සාම පාද යාත්‍රාව” සඳහා සහභාගී වීම සඳහායි.
මෙම පාද යාත්‍රාව ශ්‍රී ලංකාව, තායිලන්තය, ලාඕසය සහ මියන්මාරය යන ථේරවාදී බෞද්ධ රටවල් 04හි ආරණ්‍යවාසී බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ ගිහි පිරිසකගේ සහභාගීත්වයෙන් එළඹෙන 07වනදා පැවැත්වීමට නියමිතයි.
එය දක්ෂිණ ලංකාවේ තිස්සමහාරාම රජමහා විහාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එම පාද යාත්‍රාව රත්නපුරය, අනුරාධපුරය, කුරුන්දි රජමහා විහාරය ඔස්සේ උතුරු දිග නාගද්වීප පුරාණ රජ මහා විහාරස්ථානය වෙත කිලෝ මීටර් 650ක දුරක් ගෙවා, පාවහන් නොමැතිව පාගමනින් පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම සාම පාද යාත්‍රාව සඳහා ලාඕසයෙන් 10 දෙනෙකු, තායිලන්තයෙන් 08 දෙනෙකු සහ මියන්මාරයෙන් 05 දෙනෙකු වශයෙන් ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.