ඉන්දියාව සමඟ ඊයේ පැවති තරඟයේදී සිදුවූ අඩුපාඩු මඟහරවා ගනිමින් පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන හෙට තරඟයට සාර්ථකව මුහුණ දෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසනවා.
ඊයේ පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.
වසරක කාලයක් තුළ සිය දක්ෂතා ඉහළ නංවා ගැනීමට හේතුවූ කරුණු පිළිබඳව ද එහිදී දුනිත් වෙල්ලාලගේ අදහස් පළ කළා.
ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගය ඉන්දිය කණ්ඩායම ජයයගනු ලැබුවේ ලකුණු 41කින්. පළමුව පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම පන්දුවාර 49 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 213 ක් රැස් කළා.
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 172 ක් පමණයි.
කෙසේවෙතත් එම තරඟයේදී පන්දු 46 කදී ලකුණු 42 ක් රැස්කළ සහ කඩුලු 05 ක් දවාගත් දුනිත් වෙල්ලාලගේ තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තා.