Sunday, May 5, 2024

General line - 0115112241

මෙක්සිකෝවේදී පිටසක්වල ජීවින්ගේ සිරුරු ප්‍රදර්ශනයක්




අභිරහස් පිටසක්වල යානා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පුද්ගලයෙකු විසින් පිටසක්වල ජීවීන්ගේ බව කියන සිරුරු දෙකක් මෙක්සිකානු කොංග්‍රස් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 

මෙම ඉදිරිපත් කිරීමත් සමග එහි සිටි නිලධාරීන් පවා විශ්මයෙන් ඇළලී ගිය බවයි එම මාධ්‍ය වාර්තා කර සිටියේ. ජේම්ස් මෞසාන් නම් මෙම විමර්ශකයා දශක ගණනාවක් පුරා පිටසක්වල යානා සම්බන්ධයෙන් විමර්ශණය කරන ගවේශකයෙකු බව සඳහන්.

ඔහු විසින් මෙක්සිකෝ කොංග්‍රස් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබු එම පිටසක්වල ජීවීන්ගේ බව කියන සිරුරු වල අත්වල පිහිටා ඇත්තේ ඇඟිලි තුනක් පමණක් වන අතර ඔවුන්ගේ මුඛයේ දත් ද නොපිහිටි බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 

මෙම සිරුරු වසර දහසක් පමණ පැරණි ඒවා බවට කාබන් විද්‍යාත්මක පරීක්ෂණ වලින් හෙළිවී ඇති බවට සනාථ වූ බව පවසන පර්යේෂකයා, මිනිස් සිරුරේ ජෛව විද්‍යාත්මක සාධකවලට මෙම සිරුරේ නොගැලපිම් ද පවතින බව සඳහන් කර තිබෙනවා.
 

පේරූ රාජ්‍යයේ පතලක තිබී හමුවූ කඩා වැටුණු පිටසක්වල යානාවක සැකිල්ලක් තුල තිබී මෙම සිරුරූ හමුවූ බව එම පර්යේෂකයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි සඳහන්. 

කෙසේවෙතත් අන්තර්ජාලය තුළ මෙහි සත්‍ය අසත්‍ය භාවය සම්බන්ධයෙන් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා.