ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තීරණාත්මක තරඟය අද පැවැත්වෙනවා.
ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි. මෙම තරඟයේ තීරණය මත අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වනු ඇති.
තරගය අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.
මේ වන විට පැවති තරඟ අවසානයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත් පකිස්තානය තුන්වන ස්ථානයේත් පසුවනවා.
දෙපිලටම හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 04ක්.
ඒ අනුව අද තරඟය ජය ගන්නා කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලබා ගන්නවා.
යම් හෙයකින් වර්ෂාව හේතුවෙන් අද තරඟය අත්හැර දැමුවහොත් ශ්‍රී ලංකාවට අවසන් තරඟයට පිවිසිය හැකියි.
ඒ, ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව පකිස්තානයට වඩා ඉහල අගයක පැවතීම හේතුවෙන්.
මෙම තරඟයට අතිරේක දිනයක් ලබාදී නොමැති බැවින් අද දිනයේම එහි තීරණය ලැබෙනු ඇති.
යම් හෙයකින් තරඟය ලකුණු සම වුවහොත් ප්‍රසාද ලකුණු වේගය මත ශ්‍රී ලංකාව අවසන් තරඟයට සුදුසුකම් ලබා ගන්නවා.
ඒ, මෙම තරඟයේදී සුපර් ඕවර් ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.
ඉන්දියාව මේ වන විටත් ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.
ආසියානු කුසලාන ඉතිහාසයේ කිසිදු දිනක ඉන්දියාව සහ පාකිස්තානය අවසන් මහා තරඟයකට පිවිස නැහැ.