Sunday, May 5, 2024

General line - 0115112241

ලිබියාවේ ගං වතුරට බිලිවූ ගණන 20,000 ඉක්මවයි




ලිබියාවට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ලිබියාවේ ඩර්නා නගරයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20,000 ක් දක්වා ඉහළ යා හැකි බව නගරාධිපතිවරයා පවසනවා. 

ගංවතුරෙන් දැඩි ලෙසම බලපෑම් එල්ල වුනේ ඩර්නා නගරයටයි. 

නගරයේ ජිවත් වූ පුද්ගලයින් 10,000 ක් පමණ මුහුදට ගසා ගෙන ගොස් ඇති බවටයි මීට පෙර වාර්තා පළ වුණේ.

නගරයේ වේලි 02 ක් ජල ගැලීම් හමුවේ කඩා ගෙන ගොස් තිබූ අතර එම ජල පහරට හසුව නිවාස හා ගොඩනැගිලි රැසක් මුහුදට ගසා ගෙන ගොස් තිබුණා. 

කෙසේවෙතත් මීට පෙර වාර්තා පළ වුණේ ගංවතුරෙන් ලිබියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 5,300 ක් බවයි.

එහෙත් පවතින තත්ත්වය අනුව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මොහොතින් මොහොත සංශෝධනය වෙමින් තිබෙනවා. 

මිය ගිය පිරිස අතර සුඩාන හා ඊජිප්තු ජාතිකයින් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඩර්නා නගරයේ බොහෝ ප්‍රදේශවල නිවාස හෝ ගොඩනැගිලි තිබුණේ ද යන්න පවා සොයා ගැනීම අපහසු බවයි වාර්තා වන්නේ. 

දිවි ගලවා ගත් පිරිස් එම ප්‍රදේශයට පැමිණ අතුරුදන්ව සිටින සිය ඥාතීන් සොයා හඬා වැලපෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මඩ තට්ටු හා විනාශ වී ගිය නිවාස මෙන්ම ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා සිදු කෙරෙන විමර්ශන අසීරු වී ඇති බවයි වාර්තා වුණේ.