ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සමඟ අද පැවැත්වෙන තරඟයේදී පාකිස්තාන කණ්ඩායමේ වෙනස්කම් 05 ක් සිදුවනු ඇතැයි වාර්තා වනවා.
ඒ අතරට පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු බලඇණියේ ප්‍රභලයින් දෙදෙනෙකු ද අයත්.
ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ හැරිස් රවුෆ් සහ නෂීම් ෂා අද තරඟයට ක්‍රීඩා නොකරනු ඇති බවයි.
ඒ, ඔවුන් ආබාධවලට ලක්වීම හේතුවෙන්. එමෙන්ම ලකුණු අතර නොසිටින ආරම්භක පිතිකරු ෆකර් සමාන් වෙනුවට මොහොමඩ් හාරිස් කණ්ඩායමට කැදවනු ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු සංශෝධනයකින් තොරව අද තරඟයට එක්වනු ඇති බවටද ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තරඟය ජයගන්නා කණ්ඩායම අනිවාර්යෙන්ම බන ඉරිදා පැවැත්වෙන ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගනු ඇති.
අද තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවහොත් සහ ලකුණු සමවීමකින් අවසන් වුවහොත් අවසන් මහා තරඟයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පවතිනවා.
ඒ, පාකිස්තානයට වඩා ශ්‍රී ලංකාවේ දල ලකුණු වෙගය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්.