ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපර් ෆෝ වටයේ පැවති අවසන් තරගයෙන් ඉන්දීය කණ්ඩායමට අමිහිරි පරාජයක් විද ගැනීමට ඊයේ රාත්රියේ සිදුවුණා. ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 265ක් රැස් කළා. නායක ශකීබ් අල් හසන් ලකුණු 80ක් සහ ටොව්හිඩ් රිඩොයි ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශර්දුල් තාකූර් ලකුණු 65කට කඩුළු 3යි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දු වාර 49යි පන්දු 5ක් අවසානයේ සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 259ක් පමණයි. එහිදී ශුබ්මන් ගිල් ලකුණු 121ක් රැස් කළද එය ඉන්දීය ජයග්රහණයට ප්රමාණවත් වූයේ නැහැ.
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට දිනකට පෙර ඉන්දියාව මෙම පරාජය ලැබිම විශේෂත්වයක්. අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ, ඉන්දියාව සහ ශ්රී ලංකාව අතරයි.