ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි. ශ්‍රී ලංකාව ආසියානු කුසලානයක අවසන් මහා තරගයට පිවිසි 12 වන අවස්ථාව මෙයයි.
ඉන් අවස්ථා 6 කදී ශ්‍රී ලංකාව ආසියානු ශූරයින් බවට පත්ව තිබෙනවා.
ඉන්දියාව ආසියානු ශූරයින් බවට පත්ව ඇති අවස්ථා ගණන 7 ක්.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවස්ථා 7 කදි ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී මුණ ගැසී තිබෙනවා.
ඉන් අවස්ථා 4කදී ඉන්දියාවත්, අවස්ථා 3 කදී ශ්‍රී ලංකාවත් ශූරයින් බවට පත්වුණා. ශ්‍රී ලංකාව අද තරගයට පිවිසෙන්නේ ඉකුත් වසරේදී දිනාගත් ආසියානු කුසලානය තවදුරටත් රැක ගැනීමේ අරමුණින්.
ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී තරග 5කට ක්‍රීඩා කළ අතර තරග 4 ක ජය අත්කර ගැනීමට සමත් වුණා.
ඉන්දියාව ද තරග 5 කට සහභාගි වූ අතර ඔවුන් ජය ගත්තේ තරග 3 ක් පමණයි.
එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.
මෙවර තරගාවලියේ වැඩිම කඩුළුලාභීන් අතර අංක එකේ ස්ථානය මතීෂ පතිරණටත් දෙවන ස්ථානය දුනිත් වෙල්ලාලගේටත් හිමිව තිබෙනවා.
වැඩිම ලකුණු ලාභියා වන්නේ ඉන්දියාවේ ශුබ්මන් ගිල්. එහි දෙවන ස්ථානය කුසල් මෙන්ඩිස්ටත්, 3 වන ස්ථානය සධීර සමරවික්‍රමටත් හිමිව තිබෙනවා.
කෙසේවෙතත් අද තරගයට ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගි වන්නේ නැහැ. ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.
මහීෂ් තීක්ෂණය යනු මේ වසරේදී මේ දක්වා එක්දින කඩුළු 31 ක් දවාගත් ශ්‍රී ලංකාවේ සාර්ථකම පන්දු යවන්නායි.
ඔහු වෙනුවට දුෂාන් හේමන්ත අද තරගයට කැදවනු ඇති.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි.
තරගය පස්වරු 3 ට ආරම්භවීමට නියමිතයි.