Saturday, May 4, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයාට රුසියාවෙන් සුපිරි තෑගි




උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ රුසියානු සංචාරය අදින් නිමා වුණා.

ඔහු දින 06 ක කාලයක් රුසියාවේ රැඳී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර උතුරු කොරියානු නායකයා රුසියාවේ ව්ලැඩි වොස්ටොක් හිදී එරට ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් සර්ජි ෂොයිගු හමුවූ අතර එහිදී රුසියාව සතු අති නවීන මිසයිල සහ තවත් යුද උපකරණ රැසක් නිරීක්ෂණය කර තිබෙනවා. 

මේ අතර විදෙස් මාධ්‍ය පැවසුවේ සිය රුසියානු සංචාරය නිමා කරන යළි සිය රට බලා යන උතුරු කොරියානු නායකයාට රුසියාවේ ප්‍රිමෝරි කලාපයේ ආණ්ඩුකාරවරයා විසින් පුපුරණ ද්‍රව්‍ය ඩ්‍රෝන යානා පහක්, ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් සහ වෙඩි නොවදින කබායක් තෑගි වශයෙන් පිරි නමා ඇති බවයි.

එය කැමරා මගින් හෝ හඳුනාගත නොහැකි විශේෂ වෙඩි නොවදින කබායක් බවයි වාර්තා වන්නේ.