Saturday, May 4, 2024

General line - 0115112241

ලිබියානු ඛේදවාචකය




දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පීඩාවට පත්ව සිටි ලිබියාවේ ඩර්නා නගරයේ දිවි ගලවා ගත් වැසියන් මානුෂීය ගැටළු රැසකට මුහුණ දී සිටිනවා. ඵ් අතරින් දරුණුතම අවස්ථාව වන්නේ පානීය ජල අර්බුදයයි.

විනාශකාරී ගංවතුර හේතුවෙන් ජල මූලාශ්‍ර සියල්ල අපිරිසිදු වී ඇති අතර ඒ හමුවේ ඩර්නා වැසියන්ට උග්‍ර පානීය ජල අර්බුධයකට මුහුණ පා සිටිනවා.

ලිබියානු බලධාරීන් පවසන්නේ වසමිශ්‍ර වූ ජලය පානය කිරීම හේතුවෙන් මේ වනවිට ඩර්නා නගරයේ පුද්ගලයින් 150 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ගංවතුරෙන් දිවි බේරාගත් ලිබියාවේ ඩර්නා වැසියන් වීථි පුරා ජලය සොයා යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ජල ගැලීම් සමග ඩර්නා නගරයේ ගැටුම් පැවැති සමයේ වළලා ඇති බිම් බෝම්බ ගසා ගෙන ගොස් ඇති බැවින් නගරය දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි ද සඳහන්.

ඒ හමුවේ සහන මෙහෙයුම් සඳහා ද බාධා එල්ල වී තිබෙනවා. ලිබියානු බලධාරීන්ට අනුව ඩර්නා නගරයට බලපෑ ගංවතුර හමුවේ මියගිය පුද්ගලයින් ගණන 11,300ක්.

ඒ අතරින් බොහෝ මළසිරුරුවක අනන්‍යතාව හඳුනා ගත නොහැකිවීම හේතුවෙන් බලධාරීන් දැඩි ගැටළුවකට මුහුණ පා සිටිනවා. බලධාරීන් පවසන්නේ ගංවතුර හේතුවෙන් 20,000 ක් පමණ මිය ගොස් ඇති බවයි.